සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලියමින් සිටින පොත සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල මෙන්ම, තවත් බොහෝ දෙනෙකු කලබල වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සමඟ දේශපාලන ගැටුමක සිටින මන්ත්‍රී සරත් ෆොන්සේකා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කළ කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබේ. සිය කතාව සඳහා විපක්ෂයෙන් කාලය නොලැබීම හේතුවෙන් කාලය ලබාගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය සහිත ආණ්ඩු පක්ෂයෙනි. එදින සිය කතාව සිදු කරමින් මන්ත්‍රී සරත් ෆොන්සේකා සජිත් ප්‍රේමදාසට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.
එම ප්‍රහාරයෙන් පසුව, සරත් ෆොන්සේකා ඍජුව ම රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බව සමගි ජන බලවේගයෙන්ම තහවුරු කර තිබේ. කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් දෙදෙනාද මේ වනවිට සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟය.
8,841










