කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පාරිභෝගික අධිකාරියට නොදන්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක උපරිම සිල්ලර මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට විරෝධය පල කළ එම අධිකාරියේ සභාපතිවරයාව සිටි අචාර්ය ආර්.එම්.කේ රත්නායක මහතා ඉවත් කර ඒ වෙනුවට හසිත තිලකරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ.
ෙපාරිභෝගික අධිකාරියේ සභාපති ධූරයට හසිත තිලකරත්න මහතා පත් කර ඇති බව රජය මගින්ද නිවේදනය කර තිබේ.
හසිත තිලකරත්න මහතා මීට පෙරාතුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස මෙන්ම ලක්සල සභාපති ලෙසද කටයුතු කර ඇත.
තමාව අභිබවා යමින් නිශ්චිත ක්‍රියාපටිපාටිය නොතකමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එම අධිකාරියේ සභාපති ආචාර්ය ආර්.කේ.එම්. රත්නායක මහතා එයට විරෝධය පල කරමින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද ඊයේ මාධ්‍ය වාර්තා කලේය.
5








