බාලපටබැඳිට එරෙහිව නැවත පැමිණිල්ලක්…!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සභාපති ජගත් බාලපටබැඳිට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය. වාහන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බාලපටබැඳිට එරෙහිව ගොනුකළ පැමිණිල්ල ඔහු සභාපති ධුරයේ සිටින තාක්කල් විමර්ශනයට ලක්කළේ නැත. “අල්ලස් කොමිසමේ හිටපු සභාපති ජගත් බාලපටබැඳි මහත්තයට එරෙහි පැමිණිල්ලත් විභාග වෙන පාටක් නැහැ. එතුමා කොමිසමෙන් ඉවත් වෙන කොට එතුමාට එරෙහි පැමිණිල්ලේ ෆයිල් එකට නෝට් එකක් ගහලා ‘නෝ කේස්‘ කියලා. එතුමා තනතුරෙන් ඉවත් වෙනකොට ෆයිල් එකත් විසිකරලා තමයි ගිහින් තියෙන්නේ.“ සුනිල් හඳුන්නෙත්ති හෙළිකළේය. ‘ඒකට මොකද කරන්න පුළුවන්‘ විජිත හේරත් විමසීය. “මම ඒක ගැන හොයලා බැලූවා. වහපු ෆයිල් පිළිබඳව නැවත පරීක්ෂණ කරන්නේ නැහැ. ඒ නිසා අපි නැවතත් ජගත් බාලපටබැඳිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන්න ඕනෑ.“ සුනිල් හඳුන්නෙත්ති කීවේය. ඒ අනුව ඉදිරි සතිය තුළදී ඔහුට එරෙහිව නැවතත් පැමිණිල්ලක් ගොනු කිරීමට තීරණය විය.

Facebook
Twitter
LinkedIn