රනිල් එක්ක ලන්සා කිපෙයි

රනිල් එක්ක ලන්සා කිපෙයි

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය සමඟ සන්ධාන ගතවීමට රනිල් වික්‍රමසිංහ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ නිමල් ලන්සා ඇතුළු පිරිස දැඩි විරෝධය පළ කර ඇතැයි තිනකුරල් පුවත්පත වාර්තා කරයි.

නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී වෙනම සන්ධානයක් ගොඩ නගා ගෙන ජනහමු කිහිපයක් ද පවත්වනු ලැබීය. රනිල් වික්‍රමසිංහ සමඟ සන්ධාන ගත දේශපාලනය යෙදීමේ අරමුණ සහිතව ඔවුන් මෙසේ ක්‍රියා කළහ. ඒ බව ප්‍රසිද්ධියේ ද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, බැසිල් රාජපක්ෂ සමඟ රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සාකච්ඡා වට 6ක් පමණ පැවැත්වීමෙන් පසුව පසුගිය සතියේ පොදු සාකච්ඡා වටයක් ද දේපාර්ශවය අතර ආරම්භ කරනු ලැබීය. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහනය අරමුණු කර ගෙන නව සන්ධානයක් ගොඩ නැගීම සඳහා එම සාකච්ඡා ආරම්භ කර තිබිණි. එහෙත්, රාජපක්ෂ පවුල හෝ පොහොට්ටුව සමඟ ඇති කර ගන්නා සන්ධානයකින් කිසිදු ජයක් අත්කර ගත නොහැකි බව පවසමින් ලන්සා ප්‍රමුඛ පිරිස රනිල් වික්‍රමසිංහගේ එම සාකච්ඡාව වර්ජනය කළ බව වාර්තා වේ. අද (21) නිකුත් කළ තිනකුරල් පුවත්පත මේ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් යොමුකර ප්‍රවෘත්තියක් ලෙස පළ කර තිබේ.

Facebook
Twitter
LinkedIn