මේ වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා තිබෙන ඉතා අධික වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවැකි පළ කර තිබේ.
අද පෙරවරු 8.30 පමණ වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිර දිශාවෙන් ඉන්දියන් සාගරයේ සාගරයේ වර්ධන වී තිබූ වැසි වළාකුළු පිළිබඳව එම චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී තිබේ. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද අනාවැකි පළ කරමින් ලබන 06 වෙනි දිනෙන් පසුව තවදුරටත් වැසි වර්ධනය වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ. පවතින කාලගුණ තත්වය හමුවේ ජනතාව අත්තනෝමතික සහ හිතුවක්කාරී ක්‍රියාවලින් ඉවත් වී රජය ලබා දෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සමාජ වගකීමක් බව අවධාරණය කර තිබේ.
Views: 0










