ජ්‍යෝතිෂ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ විදේශ ගතවී සිටින අතර ශ්‍රී අකුරු දෙකක් යෙදෙන නමක් සහිත ආධ්‍යාත්මක නායකයෙකු බව කියන පූජකයෙකු රාජ්‍ය අනුග්‍රහයෙන් ගෙන්වාගෙන තිබේ.
ඊයේ (මැයි 18) කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ඔහු පිළිගැනීම ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය තොරතුරු හෙළිකර තිබෙන්නේ “ගෝලීය සාම තානාපති අධ්‍යාත්මික නායක ගුරුදේව්“ යනුවෙනි. ඔහු ශ්‍රී ශ්‍රී රවිශංකර් යන නමින් හඳුන්වන බව එම වාර්තාවල දැක්වේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ මැදිහත්වීමෙන් මෙම ශ්‍රී අකුරු දෙකේ පූජකවරයා ගෙන්වාගෙන ඇත. ඔහු දින තුනක් මෙරට තුළ රැඳී සිටින අතර සංගීත වැඩ සටහන් ඉදිරිපත් කිරීම, භාවනා කිරීම සහ ප්‍රඥාවේ සන්ද්‍යාව යනුවෙන් නම් කළ උත්සවවලට සහභාගී වන බව දැක්වේ.
1,396









