ශ්‍රී ලංකා යුද හමුදාවේ 1,509 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
එම උසස්වීම් අද (19) දින සිට බලාත්මක කෙරෙන බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය මෙන් ම ස්වේච්ඡා බල සේනාවේ නිලධාරීන් හා පහළ සාමාජිකයින් හට මෙම උසස්වීම් ලබා දී ඇති බව දැක්වේ.
රජයේ නිල නිවේදනයේ සඳහන් වන්නේ ඉහළ නිලධාරීන් 114 දෙනෙකු සහ සෙසු නිලයන් 1,395 දෙනෙකුට මෙම උසස්වීම් ලබා දී ඇති බව ය.
114









