විශ්‍රාමික ප්‍රජාවත් මාලිමාව වටා එක්වෙති

විශ්‍රාමික ප්‍රජාවත් මාලිමාව වටා එක්වෙති

ජාතික පුනරුදයට රොද බඳින, විශ්‍රාමික ප්‍රජාවගේ අපේක්ෂාවන් දිනවන විශ්‍රාමික ජාතික සමුළුව මැයේ අද (19) මහරගම ජාතික තරුණ තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විශ්‍රාමික ප්‍රජාවගෙන් ජාතික තරුණ තරුණ සේවා සභා ශ්‍රවණාගාරය පිරී ඉතිරී ගිය අතර එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, විශ්‍රාමික සංගම් එකමුතුවේ සම කැඳවුම්කරු සරත් ලාල් පෙරේරා, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංසදය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එම්.කේ.ඩී දිසානායක ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.

Facebook
Twitter
LinkedIn