සිරියානු යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාව, රුසියාව ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසක සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී සටන් විරාමයක් ඇති කිරීමටත් ඉන් පසුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටත් යෝජනා වී තිබේ.
මෙම සාකච්ඡා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැති අතර ඊට මැදපෙරදිග හා යුරෝපයේ රටවල් රැසක ප්රමුඛ පෙළේ නියෝජිතයින් සහභාගී වී තිබේ. මෙම සාකච්ඡා සඳහා ඉරානය සහභාගී වීම පළමු වරට සිදු වීම විශේෂත්වයකි.
2011 වසරේ සිට සිරියාව තුළ අසාද් පාලනය පෙරළා දැමීමට ඇරඹූ අයි.එස්. ත්‍රස්තවාදී ප්රහාරයන් හේතුවෙන් මේ වනවිට දෙලක්ෂ පනස් දහස ඉක්මවූ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන 11කට අධික පිරිසක් සරණාගතයින් බවට පත්වී ඇතැයි පැවසේ.
සිරියානු යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඇමෙරිකාව, සෞදි අරාබිය, ඊශ්‍රායලය, තුර්කිය යන රටවලින් සෘජු ආධාර අයි.එස්. ත්රස්තවාදීන් ලබා දෙමින් බවට මේ වනවිට හෙළිදරව් වී තිබේ. සිරියාව අත්පත් කර ගැනීමේ මෙම ඇමෙරිකානු සැලසුම අසාර්ථක වූයේ රුසියානු මැදිහත් වීමත් සමගය. මේ වනවිට රුසියානු ගුවන් හමුදා එල්ල කරනු ලබන ගුවන් ප්රහාරයන්ගෙන දැවැන්ත හානියක් අයි.එස්. ත්රස්තවාදීන්ට සිදු වී ඇති අතර ඔවුන්ගේ යුද පෙරමුණ දැවැන්ත බිඳවැටීමකට ලක් වී ඇතැයි පැවසේ.
ඇමෙරිකාව ප්රමුඛ කණ්ඩායමේ උත්සාහය රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ අසාර්ථක වීමත් සමග සිරියාව තුළට අලුත් මුහුණුවරකින් මැදිහත් වීමේ උත්සාහයක් මෙම සටන් විරාම යෝජනාව හරහා ක්‍රියාත්මක වන්නේ දැයි බරපතල සැකයක් මතු වෙමින් තිබේ.









