ගසෙන් වැටී අනතුරටලක්වූ සිසුවා මියයයි

ගසකින් වැටීමෙන් ගෙල ප‍්‍රදේශයේ ඉන්නක් ඇනී දැඩි ලෙස රෝගී වී සිටි බුලත්සිංහල ගලහේන පේරගස්ගොඩැල්ල ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (30) පෙරවරු 10.30ට පමණ මිය ගොස් තිබේ.

ඉකුත් දා ගසකින් වැටුනු තුෂාර ඉඳුනිල් ලක්ෂාන් නම් මෙම සිසුවාගේ ගෙල ප‍්‍රදේශය පසාරු කරගෙන ඉන්නක් ඇනී තිබූ අතර එය ඉවත් කරනු ලැබූ වේ කොළඹ ජාතික රෝහලේදී සිදු කරනු ලැබූ සැත්කමකිණි.

Facebook
Twitter
LinkedIn