ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමේදී, ලෝක බැංකුව ඇතුළු බටහිර ආධිපත්‍ය මත පවතින රටවල් සහ සංවිධානවලට වෙනස් ආකාරයක විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර ඇති බව අනාවරණය වේ.
මෙරට ලබා ගෙන තිබෙන විදේශ ණය ගෙවීම 2022 අප්‍රේල් 12 වෙනි දින සිට නිල වශයෙන් අත්හිටුවන බව නිවේදනය කර තිබියදී ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් ලබා ගෙන තිබූ ණය සඳහා ගෙවිය යුතු වාරික සහ පොලිය අඛණ්ඩව ගෙවනු ලැබීය. මෙසේ තිබියදී චීන රජයෙන් සහ එම බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය ආපසු ගෙවීම අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමේ සූදානමක් මෙරට ආණ්ඩුවට පැවතිනි.
මේ ආකාරයෙන් වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කර ඇති බවත් තෝරා ගත් ණය හිමියන් වෙත අඛණ්ඩවම ණය වාරික සහ පොලිය ගෙවමින් සිටින අතර තමන්ගෙන් ලබා ගෙන ඇති ණය කපා හැරීමට එකඟවන ලෙස ඉල්ලා සිටින්නේ කුමන පදනමකින් දැයි චීනය ප්‍රශ්න කර ඇති බව ජාත්‍යන්තර ආර්ථික කටයුතු පිළිබඳ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. ඊයේ (18) රාත්‍රියේ සිරස රූපවාහිනියෙන් විකාශනය වූ “මාවත” විද්වත් සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් කරුණු ප්‍රමාණයක් හෙළි කරනු ලැබීය.










