පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCIDය වෙත දිනපතා කැඳවන පුද්ගලයින්ගේ ලැයිස්තුව මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ අතට එදිනම පත්වන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස FCIDයේ තොරතුරු මහින්ද රාජපක්ෂ වෙත ලබා දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියෙකු හරහා බව පැවසේ.
දිනපතා ලැබෙන මෙම ලැයිතුවේ සිටින පුද්ගලයින්ගේ තොරතුරු සිය සමීපතම නීතිඥයින් සමග සොයා බලන හිටපු ජනාධිපතිවරයා ඔවුන්ගේ ප්‍රකාශවලින් තමන්ට සිදුවන අගතිය පිළිබඳව පුරෝකථනයක යෙදෙන බවත් ඉන්පසු මෙලෙස FCIDයට කටඋත්තර ලබා දෙන පුද්ගලයින්ට රාජපක්ෂ මහතාගේ සමීපතම ප්‍රකට නීතිඥයකු හරහා දුරකතනයෙන් කථා කොට බියවැද්දීම් සිදු කරන බව පැවසේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින මෙම ඉහළ නිලධාරියා සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වහාම මුදාහරින ලෙස FCIDයට නියෝග කර තිබේ. එහෙත් FCID නිලධාරීන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ නියෝගය නොතකමිනි. FCIDය විසිරුවා හරින්නැයි පසුගිය දිනවල විරෝධතාවයේ නිරත වූ ශ්‍රීලනිපයේ රාජපක්ෂ කල්ලියේ මන්ත්‍රීවරුන් පිරිසට මෙම ඉහළ පොලිස් නිලධාරියා එළිපිට සහාය පළකර ඇති බවද පැවසේ.









