විදෙස් ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (23) කටුනායක ගුවන්තොටුපලේදී රඳවා තබා ගනු ලැබූ වීරවංස මන්ත්‍රීවරයාට විදෙස් ගතවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී අවසර ලබා දුන් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැති වූ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබියදී එම බලපත්‍රයටම නැවතත් යුරෝපය බලා ගමන් කිරීමට වීසා ලබා ගැනීමත් ඊට අමතරව තවත් ගමන් බලපත්‍රයක් තබ ගැනීමත් නිසා ඔහු මෙලෙස ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.
මීට පෙර වීරවංසගේ බිරිඳ ව්‍යාජ උප්පැන්න සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමට වරදකරු විය.
Views: 0









