ඇවන්ගාඩ් සකලවිධ වංචාවන්ගෙන් කේන්ද්‍ර‍ බව කැෆේ කියයි

සියලු වංචාවන්ගේ කෙන්ද්‍ර‍ වූ ඇවන්ගාඩ් වංචාව යට ගැසීමට උත්සහ කිරීම රටට ජාතියක ද්‍රෝහි වීමක් බවත් ඇවන්ගාඩ් හොරුන්ට නිදහස් විය හැකි නම් හොරු ඇල්ලීම පිළිබද බලාපොරොත්තුවේ අවසානය ද එයම වන බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්කෝන් මහතා ඊයේ (22) පස්වරුවේ කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබේ.

ගතවු වසර හත අට තුළ ඇවන්ගාඩ් වංචාව තරම් දුෂිත ගණදෙනුවක් ලංකාව තුල  සිදුවී නොමැත.  ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ සුඛ විහරණය සඳහා  සිදුකළ එම ගණුදෙනුව ගතවු කාලයේ මෙරට සිදුවු දූෂිතම ගණදෙනුව වන බවය. ගිණි අවි ආඥා පනත, පුපරණ ද්‍රව්‍ය ආඥා පනත  ආදී අණ පනත් උල්ලංඝණය කරමින් සිදුකර ඇති මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත්  ඒ පිළබඳ පරීක්ෂණ පවත්වනවා වෙනුවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පමණක්  පරීක්ෂණ පැවත්වීම සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම ගනුදෙනුවේදී ගිණි අවි බලපත්‍රය පවා ලබාදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැති බවත්, එම බලපත්‍රයද වංචනික ලෙස නිකුත් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එම වංචනික බලපත්‍රයට අනුව ද භාවිත කිරීමට අවසර දී ඇත්තේ ගිනි අවි 87ක් පමණක් වුවද  මෙම ගණුදෙනුවට මුවාවී  ගීනි අවි 3000 කට වඩා භාවිත කර ඇති බවය.

වත්මන් රජය ජනතාව විසින් බලයට පත්කරගෙන ඇත්තේ  දුෂණ වංචා නතර කිරීම සහ ඒවායේ නිරත වුවන්ට දඬුවම් කිරීම  සඳහා බවත් රජය දැන් එම ජන වරමට පිටුපාමින් කටයුතු කිරීම යුක්ති සහගත නොවන බවත් එබැවින් මෙම මහා පරිමාණ මුල්‍ය වංචාව යට ගැසීමට එරෙහි වීමේ සැබෑ ජනතා අයිතියක් බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn