විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිය වෙනුවෙන් ජවිපෙ පෙරට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ලබා දීම පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22) කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබේ. මෙම ලිපියට ජවිපෙ, ශ්‍රිලනිප සහ එජාප නියෝජනය කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22ක් අත්සන් තබා ඇත.

ශ්‍රී ලාංකීය පුරවැසියන් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් මේ වනවිට විදේශගතව විවිධ රැකියාවන්වල නිරත වන අතර ඔවුන් විසින් මෙරට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා විශාල දායකත්වයක් ලබා දේ.විදේශගතශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ඔවුන්ට ගෞරවාන්විත රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් හා මෙරට මැතිවරණවලදී ඡන්දය භාවිතා කිරීම මූලික අයිතිවාසිකමක් වන බැවින් ඒ සඳහා මැදිහත් වීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වේ. 

Facebook
Twitter
LinkedIn