චීන අගමැති බ්‍රිතාන්‍යයේ සිව් දින නිල සංචාරයක

සිව් දින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් ඊයේ (20) දිනයේදී බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. චීන ජනාධිපතිවරයා ඉතාම උසස් ආකාරයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් පිළිගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය සමග ආර්ථික, වෙළඳ සහයෝගීතා සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ. මෙහිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 46.4ක ආයෝජන අවස්ථා සඳහා එකඟතාවයන්ට එළඹීමට නියමිත බව පැවසේ.

ලෝක දේශපාලනයේ චීන භූමිකාව මෙන්ම ඇමෙරිකානු අධිපත්‍ය පිළිබඳව බරපතල සංවාදයක් ඇති වී තිබෙන මොහොතක චීන ජනාධිපතිවරයාගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳව ලෝක දේශපාලනය තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ ඇමෙරිකානු මැදිහත්වීමට එරෙහිව චීනයද  රුසියාව ක්‍රියාමාර්ගය අනුමත කරමින් සිටී.

දකුණු චීන මුහුදේ චීනය ඉදිකරනු ලබන කෘතීම දූපත සම්බන්ධයෙන් ඇමෙරිකාව සිදු කරන ප්‍රකාශයන්ට එරෙහිව චීනයද සිය ස්ථාවරය ඉතා සෘජුව ඉදිරිපත් කර තිබේ. මේ වනවිට ඇමෙරිකානු ආධිපත්‍යයට දැඩි බලපෑමක් චීනය විසින් එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn