පරීක්ෂණ සඳහා විදෙස් විනිසුරුවන් ඉල්ලුවේ මහින්ද බව රනිල් කියයි

යුද්ධය අවසන් කාලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම  සඳහා ජපන් විනිසුරුවරයකුගේ සේවය ඉල්ලා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කඩවීම සම්බන්ධ පරීක්ෂණයට මෙම ජපන් විනිසුරුවරයාගේ සේවය 2014 වසරේදී රාජපක්ෂ පාලනය විසින් ජපාන අගමැතිවරයාගෙන් ඉල්ල ඇති බවත් 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේද අදාළ විනිසුරුවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ පිළිබඳව තමා හිටපු ජනාධිපතිවරයාට ප්‍රසංශා කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන ජිනීවා යෝජනාව පිළිබඳ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා ඊයේ මෙම ප්‍රකාශය සිදු කර තිබේ. රාජපක්ෂ වටා සිටින කණ්ඩායම ප්‍රකාශ කරන්නේ මේ වනවිට විදේශ මැදිහත් වීමක් සහිතව ශ්‍රී ලංකාව තුළ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ආණ්ඩුව එකඟ වී ඇති බවයි. එහෙත් ව්‍යාජ දේශප්‍රේමයක් රටතුළ පෙන්වමින් කටයුතු කළ හිටපු ජනාධිපතිවරයාද එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කර ඇති බව අගමැතිවරයා ඊයේ සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn