
කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්ටීවන් හාපර්ගේ වසර 9ක පාලක කන්සර්වටිව් පක්ෂය පරාජයට පත් කරමින් එරට ප්රධාන විපක්ෂය වූ ලිබරල් පක්ෂය බහුතර ජයග්රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ආසන 338කින් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ ලිබරල් පක්ෂය අසන 191ක් මේ වනවිට ලබා ගෙන ඇති බව වාර්තා වේ. එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නම් ආසන 170ක් පමණ ලබා ගත යුතු බව වුවත් එම සීමාව ඉක්මවා මන්ත්රී ආසන බහුතරයක් ලබා ගැනීමට ජස්ටින් ටෲඩෝගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය සමත් වී ඇත.
වසර නවයක් කැනඩාව පාලනය කරනු ලැබූ ස්ටීවන් හාපර්ගේ පාලක කන්සර්වටිව් පක්ෂය මේ වනවිට ලබා ගෙන ඇති ආසන 104කින් පමණක් බව පැවසේ. ශ්රී ලංකාවේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්වරූපයක් අනුගමනය කරමින් කටයුතු කළ ස්ටීවන් හාපර් අගමැතිවරයා දෙමළ ජනතාවට වෙනම පාලන ප්රදේශයක් ලබා දිය යුතු බවත් ශ්රී ලංකා ආණ්ඩුව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන බවට දැඩි ප්රචාරයක් ගෙන ගියේය.









