රුසියාව සහ ඇමෙරිකාව සිරියාව තුළ එල්ල කරන ගුවන් ප්රහාරවලදී දෙරටේ ගුවන් යානා අතර ගැටීම් වැළැක්වීම සඳහා එකඟතාවයන් ඇති කර ගැනීමට සිදු වී ඇති බව වර්තා වේ. ඊට ආසන්න සිදු වීම වන්නේ පසුගියදා හඳුනානොගත් යානයක් ආසන්නයට රුසියානු ප්‍රහාරක යානා ගමන් කිරීම එහිදී තහවුරු කරගෙන ඇත්තේ එම ප්‍රහාරක යානය ඇමෙරිකානු එකක් බවය. මෙම සිදුවීම සිදු වී ඇත්තේ ඩැමස්කස් නුවර ආසන්නයේ ගුවන් ප්රහාරයන්හි නිරත වූ රුසියානු හා ඇමෙරිකානු යාන අතරය.
රුසියාව මෙම සිදුවීම පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ සිරියානු රජයේ අවසර මත තමන් එරටට අයත් භූමියේ ප්රහාරයන් එල්ල කරන බැවින් වෙනත් කිසිදු ඒ පිළිබඳව වෙනත් කිසිදු රටකට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.
මෙම සිදුවීමෙන් පසුව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ ගුවන් ප්රහාරයන් එල්ල කරන ඇමෙරිකාව සමග මූලික එකඟතාවයකට එළඹීමට ඉදිරියේදී සිදු වන බවය. එයට අදාළ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන බවත් දෙරටේ ගුවන් යානා ගැටීම වළක්වා ගැනීම මෙහි මූලික අරමුණ බවත්ය. මෙම ගිවිසුම ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වීමට නියමිත බව ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.









