වරෙන්තු ලබා සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා හෙට (16) දක්වා රිමාන්ඩ් ගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.
ඔහු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුව කටයුතු කළ සමයේ ජනපතිවරණ දිනක ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රිමාන්ඩ් ගත කර තිබේ.
1999 වසරේදි මෙම සිදුවීම සිදුව ඇති අතර එම සිද්ධියට අදාළව ජීව උණ්ඩ පහක් මන්ත්‍රීවරයා සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට අනුව පසුගිය 25 වැනිදා නඩු විභාගයේදී මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර අද මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.
Views: 0









