මේ මොහොතේ රට තුළ නිර්මාණය වී තිබෙන දේශපාලන අරාජිකත්වයට හා ආර්ථික අරාජිකත්වයට වත්මන හවුල් ආණ්ඩුව සෘජුව වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. පසුගියදා TNL රූපවාහිනීයේ පැවැති දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…
”අඩු තරමේ 2015 අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විමධ්‍යගත ප්‍රතිපාදනවත් නැහැ. ඒ පිළිබඳව දින සියය කාලේ ඇහුවම කිව්වා අලුත් ආණ්ඩුවක් හැදුනට පස්සේ දෙනවා කිව්වා. දැන් මේ ඔක්තොම්බර් මාසේ වෙනකම් ඒ මුදල් ලැබිලා නැහැ. ලබන මාසේ අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරුන් 225කට 2015 අවුරුද්දට ප්‍රතිපාදන නැහැ. ගමක පාරක් හදන්න, පෙරපාසල් ගොඩනැගිල්ලක් හදන්න, ඩිස්පෙන්සරියකට බෙහෙත් ටිකක් දෙන්න මන්ත්‍රීවරයකුට තියෙන අවස්ථාව මේ ආණ්ඩුව අහිමි කරලා.
වංචා දූෂණ සම්බන්ධයෙනුත් එහෙමයි. පාර්ලිමේන්තුව රැස්වෙලා දෙවැනි දවසේ පහුගිය මාසේ 22 වැනිදා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ඇවන්ගාඩ් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළා. පක්ෂ නායකයකු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන්නේ ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න. ඇවන්ගාඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට අගමැතිවරයාගෙන් තාම පිළිතුරු නැහැ. සම්පූර්ණ පිළිතුරක් නැතත් මේ වනතෙක් සිදු කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අගමැතිවරයා පිළිතුරු ලබා දිය යුතුයි. එත් එහෙම නැහැ.” යැයි පැවසීය.









