පැය විසි හතරට අයි.එස්. ඉලක්ක 55ක් රුසියානු ගුවන් ප්‍රහාරයන්ගෙන් සුන්වෙයි

ගතවු පැය විසිහතර තුළ රුසියානු ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන්ගේ ඉලක්ක 55 ක් විනාශ කිරීමට හැකි වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ඒ අතර ත්‍රස්තවාදීන්ගේ කඳවුරු, සන්නද්ධ රථ, අවි හා පුපුරණ ද්‍රව්‍ය ගබඩා රැසක් පවතින බව පවසයි.  ඉදිරියේදී අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර වැඩි කරන බවද ප්‍රකාශ කර තිබේ.

මේ අතර තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ රුසියානු ප්‍රහාරක යානාවක් පහර දී බිම හෙළීමට කටයුතු කළ බවට තුර්කිය ප්‍රකාශ කර තිබෙන අතර එම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සිරියානු තුර්කි දේශසීමාව සීමාවේදී බව පවසයි. සිරියාව තුළ අයි.එස්. ඉලක්කයන්ට එල්ල කරන රුසියානු ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව විරෝධය පළකර ඇති අතර ඒ පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වී තිබේ.

තුර්කිය රුසියානු ගුවන් යානයක් බිම හෙළූ බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියාවෙන් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

 

Facebook
Twitter
LinkedIn