මාධ්‍යවේ දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි නිලධාරීන් ඇතුළු 11 දෙනා ඉදිරි පක්රීක්ෂ කටයුතු සඳහා පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඊයේ (6) ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරට රැගෙන ගොස් තිබේ.
මේ අතර පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ එක්නැලිගොඩ මහතා ගිරිතලේ කඳවුරට ගෙනයෑමට කොළඹට පැමිණි උසස් හමුදා නිලධාරියා පිළිබඳවත් දින තුනක් පමණ එම හමුදා කඳවුරේ රඳවාගෙන සිට එම ඔහු හමුදා කඳවුරෙන් නැවත රැගෙන ගිය නිලධාරියා සහ දිනය පිළිබඳවත් මේ වනවිට රහස් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති බවයි.
හමුදා නිලධාරීන් දෙදෙනෙකු සෙසු නිලධාරීන් දෙදෙනෙකු විශ්‍රාමික හමුදා නිලධාරින් සිව් දෙනෙකු ඇතුළු පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජියන් දෙදෙනාගෙන්ද මේ පිළිබඳව හෙළිදරව් වී ඇතැයිද පැවසේ.









