දින හතරක් පුරාවට පැවති කරාපිටිය රෝහලේ හෘද හා උරස් සැත්කම් ඒකකයේ විශේෂඳ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ආරම්භ කළ වර්ජනය මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.
මෙම වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (02) දිනයේද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා කරාපිටිය රෝහල වෙත පැමිණි බව පැවසේ. මෙම වර්ජනය හේතුවෙන් හෘද සැත්කම් කිරීම සඳහා සූදානමින් සිටින රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් හා රෝහල් පරිපාලනය අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව කාරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබේ.
කරාපිටිය රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ වෛද්‍යවරයා තම රාජකාරි කටයුතුවලට බාධා සිදුකරන බව පවසමින් මීට දින හතරකට පෙර එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කරනු ලැබීය. ඉන් පසුව එම ඒකකයේ හෙද හෙදියන්ද වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ වෛද්‍යවරුන්ගෙන් බාධා එල්ල වන බව පවසමිනි.









