රාජපක්ෂ පාලන සමයේ ක්‍රීඩා අමාත්‍යංශයේ සිදු වූ වංචා දූෂණ සෙවීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුවට එම වාර්තාව සකස් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 37ක් ගෙවා ඇති බව වාර්තා වේ.
2012 ජනවාරි සිට 2015 අප්‍රේල් මස දක්වා කාලය තුළ ක්‍රීඩා අමාත්‍යංශයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙම ත්‍රී පුද්ගල කමිටුව මාස දෙකක කාලයක් තුළ මෙම විමර්ශන සිදු කර තිබෙන අතර දින සියයේ ආණ්ඩුවේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා වූ නවීන් දිසානායක විසින් කමිටුව පත් කරනු ලැබීය.
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස අධිනීතිඥ රවී අල්ගම මහතා ද අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ හා අධිනීතිඥ වරුණ මල්ලවාරච්චි යන දෙදෙනා සෙසු සාමාජිකයින් විය. අදාළ මුදල් විමර්ශන කටයුතු අවසන් කිරීමට පෙර හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් එම මුදල ගෙවා ඇති බව පැවසේ. ඒ ක්‍රීඩා අමාත්‍යංශය එම මුදලින් අඩක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉතිරි කොටසද මෙලෙස ගෙවීම් සිදු කර තිබේ.
මාස දෙකක කාලයක් තුළ විමර්ශන කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙවැනි අති විශාල මුදලක් වැය කිරීම පිළිබඳව ගැටලුකාරී තත්වයක් මතුව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සිය දෛනික කටයුතු සිදු කිරීමට නොහැකි මට්ටකමට බංකොලොත් තත්වයකට පත්ව තිබියදී මෙවැනි මුදලක් දූෂණ සෙවීම වෙනුවෙන් වැය කිරීම තුළින් සිදු වන්නේ ක්‍රිකට් ආයතනය තව තවත් අර්බුදයට යෑම පමණක් බව විශ්ලේෂකයෝ පවසති.









