පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (29) කොළඹ ගලධාරී හෝටලයේ පැවති ජාතික කළමනාකරණ සමුළුවට එක්වෙමින් පවසා තිබේ.
වසර දෙකක කාලයකට රටේ ප්රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කරමින් සිටින බවත් එමගින් ගැටුම් අවමවී ඇති නමුත් ගැටුම් මුළුමනින්ම නොමැති බවක් එයින් නොහැඟවෙන බවත් පළාත් පාලන මැතිවරණයේදී ගැටුම් සහගත තත්ත්වයන් යළි දැකගත හැකිවෙනු ඇති බවත් අගමැතිවරයා එහිදී පවසා ඇත.
ඉතාමත් තරඟකාරී සමාජයට වගකියන පුද්ගලික අංශයක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් වික්රමසිංහ මහතා එහිදී පැහැදිලි කර තිබේ.
Views: 0









