ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මහා ලේකම් තනතුර අපේකෂාවෙන් සිටින ඇමරිකානු හිතවාදියෙකු මේ වනවිට ඇමතිවරුන් කිහිපදෙනෙකු පිළිබඳව ලිපි ගොණු සකසමින් සිටින බව අනාවරණය වේ. කලක පටන් පක්ෂයේ ඉහළ නිලයක් අපේක්ෂා කරන මෙම ඇමරිකානු හිතවාදියා තම අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් පක්ෂයේ ප්‍රබලයන් දිනාගැනීමේ මෙහෙයුමකද යෙදී සිටින බව හෙළි වේ.
කෙසේ වෙතත් ඔහුගේ ප්‍රයත්නය හුදකළා සටනක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. එවැනි තත්වයකදී පුවත්පත හරහා විශාල ප්‍රයෝජනයක් ගැනීමට ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියෙකු සමග මේ වනවිටත් මූලික සාකච්ඡාවක් කර ඇතැයිද හෙළි වේ.
මෙම උත්සාහය පිළිබඳව ශී්‍රලනිප ජ්‍යෙෂ්ඨයෙක් පවසා ඇත්තේ ‘පක්ෂය හදනවා නම් ඒක පටන්ගන්න තිබුණේ යුද්දේ දිනපු දවස්වල දැන් ඕව අටවන්න බැහැ’ යනුවෙනි.
Views: 0









