ජයම්පතිට දොර වැහෙයි

රුවන්වැල්ලේ පිහිටි එන්.එම්. පෙරේරා අනුස්මරණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඊයේ (20) පෙරවරුවේ එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට එම ශාලා පරිශ්‍රයට ඇතුළු වීමට හැකිවී නැත.

මන්ත්‍රීවරයාට එම පරිශ්‍රයට ඇතුවීමට නොහැකිවන ලෙස එහි පිවිසුම් දොරටුව වසා ඉබියතුරු දමා තිබිණ.

ජයම්පති වික්‍රමරත්න මහතා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස සිටි අතර පසුව එහි විකල්ප කණ්ඩායම ලෙස පිරිසක් සමග ඉවත්විය. පසුව පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Facebook
Twitter
LinkedIn