
ජනඅරගල ව්‍යාපාරයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළ ජයන්ත විජේසේකර මහතා අද (01) පෙරවරුවේ ආණ්ඩුවට නිල වශයෙන් එකතුවී සිටී. මේ වන විට (10.00) ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔහුට සුභපතමින් උණුසුම් ලෙස පිළිගන්නා බව වාර්තා වේ.
ජයන්ත විජේසේකර මහතා ඊයේ අමාත්‍ය බැසිල් රාජපකෂ හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර අද බැසිල් රාජපකෂ ඇමතිවරයා කන්තලේ ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වන බවත් එම උත්සවයේදී නිල වශයෙන් මෙම එකතුවීම ප්‍රසිද්ධ කිරීමට සූදානම්වන බවත් වාර්තා වේ.
Views: 0









