සීපා නොගෙනෙන කතා බොරු

ශ්‍රී ලංකාවේ තලේමන්නාරම හා ඉන්දියාවේ ධනුෂ්කොඩි යා කරන පාලම ඉක්මනින් සෑදීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ක්ෂුද්‍, මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත අමාත්‍ය කල්රාජ් මිෂ්රා පවසා ඇත්තේ මෙමගින් රටවල් දෙකටම ක්ෂේත්‍ර ගණනාවකින් වාසි සැලසෙන බවයි.

දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස ගනු ලැබූ ඉන්දු ලංකා පාලම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඉන්දීය මධ්‍යම රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට දෙරට එක්වී ඇතැයි ඉන්දියානු පාර්ශ්වයෙන් කියැවෙන සීපා ගිවිසුමට සමගාමීවය.

සීපා ගිවිසුම යටතේ ඉන්දීය ශ්‍රමිකයන්ට අසීමාන්තිකව මෙරටට ඇතුළු වීමේ අවකාශය උදාවන අතර ඔවුන්ට ලිහිල් කොන්දේසි යටතේ මෙරටට ඇතුළු වීමේ සහ පිටවීමේ කටයුතු වෙනුවෙන් මෙම මාර්ගය බදි කෙරෙන බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn