රග්බි ලෝක කුසලානයේ පළමු ජය එංගලන්තයට

ලොව ශක්තිවන්තයින්ගේ සටන අරඹමින් ඊයේ (18) රාත්‍රියේ ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ජය වර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එංගලන්ත කණ්ඩායම හා තරග කළ ෆිජී කණ්ඩායම ලකුණු 35-11 ලෙස පරාජයට පත් විය.

පළමු අර්ධයේදී සිටම තරගයේ වැඩි වාසි අත්කර ගනිමින් ආක්‍රමණශීලි තරග රටාවකට එංගලන්ත කණ්ඩායම නිරත විය. පළමු අර්ධය අවසන් වන විට 18-8 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.

තරගාවලියේ සමාරම්භක උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  

Facebook
Twitter
LinkedIn