හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට ලබන ඔක්තෝබර් 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (18) නොතීසි නිකුත් කර තිබේ.
ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යොදවා සාවද්‍ය ලෙස පරිහරණය කළැයි මොවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහාය.
Views: 0









