සංගක්කාර එංගලන්තයේදී වැඩ පෙන්නයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රන්ත කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින අතර එහිදී ඔහුගේ පිතිකරණය පිළිබඳව දැඩි කතා බහට ලක්ව තිබේ.

මෙවර තරඟවාරයේ කුමාර් සංගක්කාර සිව්දින තරග 10කට මේ වනවිට ක්‍රිඩාකර ඇති අතර එහිදී ශතක හතරක් සමගින් ලකුණු 760ක් ලබා ගැනීමට සමත් වී සිටී.  ඊයේ (18) ලැංකෂියර් පිළ සමග පැවැති තරඟයේ දෙවැනි ඉනිමේදී කුමාර් සංගක්කාර ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. පන්දු 134කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 118 හතරේ පහර 15ක් ඇතුළත් විය.

Facebook
Twitter
LinkedIn