ජාත්‍යන්තර පාපන්දු ලේකම්ගේ වැඩ තහනම්

පසුගිය වසරේ බ්‍රසීලයේදී පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශපත්‍ර වැඩි මිලට විකිණීමේ චෝදනාව මත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලේකම් ජෙරමි වොකී මහතාගේ සේවය අත්හිටුවීමට එම සම්මේලනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ලේකම්වරයාට එරෙහි චෝදනා විමර්ශනය කර ඇති බවත් නැවත දැනුම් දෙන තුරු ඔහු අනිවාර්ය නිවාඩු යැවූ බවය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට එරෙහිව පසුගිය සමයේ බරපතල චෝදනා එල්ල වූ අතර මේ වනවිට එහි ප්‍රධානීන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට හා එහි නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම පිටුපස ඇති සැබෑ වුවමනාව වී ඇත්තේ රුසියාවට ලෝක කුසලාන සත්කාරකත්වය ලබා දීම බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn