බස්නාහිර, වයඹ ඇමති මණ්ඩලය අලුතින් පත් කෙරේ

බස්නාහිර පළාත් සභාවේ ඇමති මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (14) දිනයේ දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී බස්නාහිර පළාත් සභා ඇමතිවරුන්ට අමතරව වයඹ පළාත් ඇමතිවරුන්ද එහිදී දිවුරුම් දී තිබේ.

බස්නාහිර පළාත් සභාවේ නව අමාත්‍යවරුන් ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, රංජිත් සෝමවංශ, ලලිත් වනිගරත්න හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දිවුරුම් දී තිබේ.

වයඹ පළාත් සභාවේ නම අමාත්‍යවරුන් ලෙස පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක, ගුණදාස දෙහිගම, සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, ලක්‍ෂ්මන් හරිස්චන්ද්‍ර, ඩබ්ලිව්.ජේ. සුමල් තිසේරා ද අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රාජපක්ෂ පිල වෙනුවෙන් පෙනී සිටි බස්නාහිර පළාත් ඇමති උපාලි කොඩිකාර හා වයඹ පළාත් ඇමති ඩබ්. බී. හේරත් යන දෙදෙනාට අමාත්‍ය ධූර සඳහා පත් කර නොමැත.

 

Facebook
Twitter
LinkedIn