සෞදි දොඹකරයට බිලිවූ ගණන ඉහළට

සෞදි අරාබියේ මැකාහි මහ පල්ලිය මතට දැවැන්ත දොඹකරයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ෙ

අනතුරින් පුද්ගලයින් 230ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වන අතර තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් බරපතල තත්වයේ පසුවන බව පැවසේ. ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය වන මැකා නුවර මහ පල්ලිය මතට දොඹකරය කඩා වැටී ඇත්තේ ඊයේ (11) ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙමින් තිබෙන අතරතුරදී බව පැවසේ.‍ෙ

දොඹකරය කඩා වැටීමට හේතු වී ඇත්තේ ඒ මොහොතේ පැවැතැ අධික සුළං තත්වය නිසා බවට අනුමාන කරයි. හජ් වන්දනා සමයට දින දහයක් තිබියදී සිදු වූ මෙම අනතුර සිදු වීම විශේෂත්වයකි. මෙලෙස කඩා වැටී ඇත්තේ හජ් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සිදු කෙරෙන ඉදිකිරීම් සඳහා යොදවා තිබූ දොඹකරයක් බව පවසේ.

Facebook
Twitter
LinkedIn