​“සැලසිනේ” සඟවන්න කෙහෙළිය සැඟවී යයි

හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන ඊයේ (08) පැය පහකට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කළ අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය මඟහරිමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

“සැලසිනේ” නැමැති ආයතනයකින් රුපියල් මිලියන 11.4ක මුදලක් වෙනත් ගිණුමකට බැරකිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කර තිබේ. පෙ.ව. 9.30 සිට ඔහුගෙන් පස්වරු 1.45 දක්වා ප්‍රශ්න කර ඇති අතර එම ස්ථානයෙන් පිටවීමේදී හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා කළු පැහැති වීදුරු සහිත සුඛෝපභොගී මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ගරාජය වෙත ගෙන්වාගෙන පිටව ගොස් තිබේ.

හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා මෙලෙස මාධ්‍ය මඟහැර යන්නේ තමන්ට එල්ලවී තිබෙන වංචා චෝදනා සම්බන්ධයෙන් ජන මාධ්‍යයෙන් සැඟවීමට යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

 

Facebook
Twitter
LinkedIn