පැෆරල් සංවිධානයෙන් මැකෝට ලිපියක්!

පසුගිය මහ මැතිවරණයේදී රාජ්‍ය වාහන අවභාවිත කරනු ලැබූ පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් පිළිබඳව සොයා බලා ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නේදැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් විමසා තිබේ.

මහ මැතිවරණයේදී විශාල ප්‍රමාණයක් සුදුසුකම් නොලද පිරිස් රාජ්‍ය වාහන භාවිතා කිරීම පිලිබඳව පැෆරල් සංවිධානයට විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරන බව ඔවුන් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා මහ මැතිවරණයට පෙර චක්‍රලේඛණයක් නිකුත් කරමින් දන්වා සිටියේ සියලුම මන්ත්‍රීවරුන් රාජ්‍ය වාහන මැතිවරණයට භාවිතා කරන්නේ නම් රුපියල් ලක්ෂයක මුදලක් එක් වාහනයකට ගෙවිය යුතු බවය. කෙසේ වුවද අදාළ සමයේ රාජ්‍ය වාහන විශාල වශයෙන් මැතිවරණ කටයුතු සඳහා නීති විරෝධීව භාවිතා කිරීම පිළිබඳව කතිකාවක් ඇති වු අතර ඒ පිළිබඳව ඉතා ඉක්මනින් සොයා බැලිය යුතුව තිබේ.

 

Facebook
Twitter
LinkedIn