රක්නා ලංකා ආරක්ෂක සේවය සම්බන්ධයෙන් ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් බේරාගැනීම සඳහා බරපතල දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්ෂි දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතාට නීති මගින් කටයුතු නොකිරීම හේතු ඇත්නම් දන්වන ලෙසට ඊයේ (04) දිනයේදී එම කොමිසම ඔහු වෙත දන්වා තිබේ.
කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ රක්නා ලංකා ආරක්ෂක සේවයේ ගොඩමින් අංශයේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කර ගැනීම සඳහා දිවුරුම් පිට බොරු සාක්ෂි දුන් බවය.
විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ලෙස කොමිසම හමුවේ සාක්කි දෙමින් කොමිසමට බොරු කීම ඉතා තදබල වරදක් බවත් සාමාන්‍ය සෙබළකු හෝ පහත් නූගත් අයෙකු බොරු සාක්කි දුන්නා නම් එය නොසලකා හැරීමට හැකියාව තිබුණත් ඉහළ නිලධාරියකු ඇත්ත කියන බවට දිවුරුම් දී බොරු කීම සුළුකොට සැළකිය නොහැකි යැයි අවධාරණය කළ විනිසුරු මඩුල්ල කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දී කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හේතු ඇත්නම් එම හේතු මෙම නඩුව යළි කැඳවන ලබන 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතාට දන්වා තිබේ.
කොමිසමේ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන පී‍්‍රති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක යන මහත්වරුද ලැසිල් ද සිල්වා මහතා කොමිසමේ ලේකම්වරයා ලෙසද කටයුතු කරති.









