සමන්ත විද්‍යාරත්න, මහින්ද ජයසිංහ FCIDයට ප්‍රකාශ ලබාදෙති

ඌව පළාත් සභා ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී මහින්ද ජයසිංහ යන මහත්වරුන් අද පැය 2කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ටෙන්ඩර් පටිපාටියකින් තොරව වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව විද්‍යාරත්න මහතා සිදුකළ පැමිණිලි ගැන ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේදී මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී  මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සිදු කර ඇති බවට පවසමින් මහින්ද ජයසිංහ මහතා එම ඒකකය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලි සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.


Facebook
Twitter
LinkedIn