දෙවන ලෝක යුද්ධයේදී ජපානය, ජර්මනිය, ඉතාලිය ප්‍රමුඛ හමුදා පරදා චීනය, සෝවියට් රුසියාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදාව ලැබූ ජයග්‍රහණයේ 70 වන සමරුව අද (03) චීනයේදී සැමරිණි. ඒ සඳහා චීනය මෙතෙක් භාහිරට නිරාවරණය නොකෙරුණු සිය යුද හැකියාවන්ද ප්‍රදර්ශනය කළ බව වාර්තා වේ.
70 වන සමරුව බීජිං නුවර සුප්‍රසිද්ධ ටියෑන්මෙන් චතුරශ්‍රයේදී පැවැති අතර ඒ සඳහා හමුදා සෙබලුන් 12,000 කින් සමන්විත දැවැන්ත හමුදා පෙළපාලියක්, ප්‍රහාරක ගුවන් යානා 200ක්, යුද ටැංකි හා සිය මිසයිල පද්ධතියද පෙළපාලියට එක් කර තිබිණි. චීනය පළමු වරට තමන්ගේ නවීන අවි ආයුද මෙලෙස ප්‍රදර්ශනය කරන්නේ පළමු අවස්ථාවට බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
චීනයේ මෙවර යුද සැමරුව චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වූ බව පැවසේ.














