කේ.පි. ආරක්ෂා කල නීතිපතිට නඩු පැවරීය යුතුයි

ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වු පුද්ගලයින් ආරක්ෂා කිරීමට නීතිපතිවරයා මැදිහත්වීම ගැටළු සහගත බව, අභියාචනාධිකරණය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ පවරා තිබූ නඩුවකට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙරේදා  කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස,  නීතිපතිවරයා, හමුදාපති සහ ආගමන විගමන පාලකවරයා නම්කර තිබිණ.

කෙසේ වෙතත් ඔහුට නඩු පැවරීමට තරම් තවමත් ප්‍රමාණවත් කරුණු නොමැති බවට ප්‍රකාශවීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, කේ.පී.ආරක්ෂා කිරීමට නීතිපතිවරයා උත්සාහ කරයි නම් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බවත්,  විනය පරීක්ෂණයක්ද සිදුකළ යුතු බවත් ය.

Facebook
Twitter
LinkedIn