ෂර්මා – චන්දිමාල් දෙදෙනාට ටෙස්ට් තරග තහනමක්!

අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක ඉශාන්ත් ෂර්මාට හා ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරග තහනමක් පැනවීමට ඊයේ (01) දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ෂර්මාට ටෙස්ට් තරග දෙකක්ද චන්දිමාල්ට එක් ටෙස්ට් තරගයක්ද ලෙසින් මෙම තහනම ක්‍රියාත්මක කෙරේ.

ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නට හා ධම්මික ප්‍රසාද්ට තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අවසන් ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳා පැවැත්මට බාධාවක් බවට ක්‍රීඩා විචාරකයින් ප්‍රකාශ කර තිබිණි. එසේම ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සුනිල් ගවස්කාර්ද ඉශාන්ත්  ෂර්මාගේ හැසිරීම පිළිබඳව විවේචනය කර තිබිණි.

 

Facebook
Twitter
LinkedIn