යතුරුපැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණු ආවරණය කරන ලද ආරක්ෂිත හිස්වැසුම් භාවිතය තහනම් කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගය තවදුරුටත් ලබන ඔක්තෝම්බර් මස 13 වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබේ.
ඒ අද (01) දිනයේදී ඒ පිළිබඳව නඩුව කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම නඩුව සමථයකට පත් කරගැනීමට අධිකරණයෙන් කල් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුවය. නැවතත් නඩුව ඔක්තෝම්බර් මස 13 වැනි දින කැඳවීමට නියමිතය.
Views: 0









