ආපදාවට පත් වූ ජනතාව පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන නෑ

ආපදාවට පත් වූ ජනතාව පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන නෑ

පසුගිය ඔක්තෝබර් මාසයේ අවසානයේ පමණ සිට මේ දක්වා අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා පීඩාවට පත් වූ ජනතාව පිළිබඳව නිවැරදි අවසන් සංඛ්‍යා දත්ත නැති බව වාර්තා වේ.

ආපදා කලමනාකරණ අමාත්‍යංශය යටතේ පැවති රාජ්‍ය ආයතන බරපතළ ලෙස අකර්මන්‍ය වී තිබීම මෙයට මූලික හේතුව වී තිබේ. විශේෂයෙන්ම දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ මේ වනවිට අවස්ථා ගණනාවකදී ජල ගැලීම්වලට ලක් විය. ඊට අමතරව කඳුකර ප්‍රදේශයේ අකුරණ වැනි නගර පවා ජල ගැලීම්වලට ලක්වී තිබිණි. නමුත් මෙම එක් එක් අවස්ථාවල ආපදාවලට ලක්වූවන් පිළිබඳව නිවැරදි දත්ත ඒකරාශී කර සහන සැලසීමේ ක්‍රියා මාර්ග නිසි ලෙස දියත් කර නැති බව තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්