මාලිගාවත්තේ ජල කාන්දුවක් ජනතාව පිටින් යවලා – ලක්ෂ ගණනක බිල් නොගෙව්වැයි ගෙවල් 100ක වතුර කපලා

මාලිගාවත්තේ ජල කාන්දුවක් ජනතාව පිටින් යවලා – ලක්ෂ ගණනක බිල් නොගෙව්වැයි ගෙවල් 100ක වතුර කපලා

මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන එම නිවාසවලට ජල සැපයුම සම්බන්ධයෙන් පැවති ජල කාන්දුවක පාඩුවක් එම නිවාසවල පංචිකරුවන්ගේ බිලට එකතු කර එයට ප්‍රමාද ගාස්තුවක්ද එකතු කිරීමෙන් මෙම තත්වය උද්ගත වූ බවත් මෙම ප්‍රමාද ගාස්තු එකතු කිරීමත් සමඟ ජල ගාස්තුව ලක්‍ෂ ගණන් වූ බවත් එහි පදිංචිකරුවෝ පවසති.

පදිංචිකරුවන්ගේ ඉල්ලීම පසුව අදාල බිල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් අඩු කර තිබුණත් ප්‍රමාද ගාස්තුව කපාහැර නොතිබූ බව පදිංචිකරුවෝ කියති.

ජල ටැංකියක කාන්දවක පාඩුව පාරිභෝගිකයන්ට එකතු කිරීම සහ එයට ප්‍රමාද ගාස්තුවක් අයකිරීම දැඩි අසාධාරණයක් බවත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින ජනතාව මෙවැනි අසාධාරණ ආකාරයට අපහසුතාවට පත්කිරීම අනුමත නොකරන බවත් එහි පදිංචිකරුවෝ සඳහන් කරති.

මෙම ජල සැපයුම විසන්ධි කිරීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත පවසන්නේ එම නිවාසවල ජල බිල්පත් හි තිබූ ප්‍රශ්නයක් විසඳූ බවත් ජල සැපයුම විසන්ධි කළේ දැයි තමන් දැනුවත් නැති බවත්ය.

Facebook
Twitter
LinkedIn