පොල්තෙල් කර්මාන්තශාලා 1,500ක් වැහිලා

පොල්තෙල් කර්මාන්තශාලා 1,500ක් වැහිලා

ආනයනික පොල්තෙල් හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් 240,000ක් වන අතර ඉන් පොල්තෙල් මෙට්‍රික්ටොන් 17,700 වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 7,891ක් වැය වන බව මේ වනවිට අනාවරණය වී ඇත.

පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පසුගිය 11 වනදා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

Facebook
Twitter
LinkedIn