මෙම 2023 වසරේ දර්ශනීයම උල්කාපාත වාර්ෂාව අද (13) රාත්‍රියේ සියැසින්ම දැකගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
2023 වසරේ දිස් වන සුවිශේෂීම උල්කාපාත වර්ෂාව වන “ජෙමිනිඩ්” උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (14) අළුයම තෙක් දැක බලා ගැනීමට හැකියාව තිබේ.
තත්පරයට කිලෝමීටර් 35ක් පමණ වන සාමාන්‍ය වේගයකින් පතිත වන මෙම උල්කාපාත වර්ෂාව දිස්වන්නේ මිථුන (Gemini) රාශියේ Castor තාරකාව ආශ්‍රිතවය. තාරකා විද්‍යාඥයින් පවසන්නේ ආසන්න වශයෙන් පැයකදී උල්කාපාත 120ක් පමණ නිරීක්ෂණය වනු ඇති බවය.
අද රාත්‍රී 10 සිට හෙට අළුයම් කාලය වන තෙක් රාත්‍රී අහසේ ඊසාන දෙසට බරව මිථුන රාශිය දෙසින් මෙම “ජෙමිනිඩ්” උල්කාපාත වර්ෂාව පියවි ඇසින් බලාගත හැකිය. මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සිට දර්ශනීය ලෙස දිස්වීමට, මේ දිනවල සඳ දීප්තිමත්ව දිස් නොවීමද උදව්වක් වනු ඇත.
උල්කාපාත වර්ෂාවක් ඇති වෙන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගාතරුවක (ධූමකේතුවක) බලපෑම නිසා වුවද මෙම Geminid උල්කාපාත වර්ෂාව බිහිවන්නේ ඇස්ටරොයිඩයක බලපෑම නිසා යැයිද තාරකා විද්‍යාඥයෝ පවසති.
සූර්යයා වටා කක්ෂයක ගමන් කරන මෙම ඇස්ටරොයිඩය හඳුන් වන්නේ 3200 Phaëthon නමින් වන අතර සූර්යයා ආසන්නයෙන්ම ගමන් කරන ඇස්ටරොයිඩය වන්නේත් මෙම ඇස්ටරොයිඩයයි.
මූලාශ්‍ර විකුම් හර්ෂණ මුහුණු පොතෙන්












