ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව මෙතෙක් කල් ජනතාව තුළ තිබූ පැහැදීම සහ විශ්වාසය විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ දරුණු ලෙස බිඳවැටී ඇති බවත් එම ආයතනික පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
ඇය මේ බව අවධාරණය කරණු ලැබූවේ අද (30) පැවති 2024 අයවැය – සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවිදායට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකරීමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විශාල ඉඩකඩක් ස්ථාපිත කර ඇති බවත් ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් සහ පුළුල් ලෙස සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතු බවත් අවධාරණය කළාය. කොවිඩ් වසංගතයෙන් පසුව ගෙවි ගිය වසර දෙකක කාලය තුළ කුඩා ළමුන්ගේ සිටම ආතතිමය තත්වයන්ට ගොදුරු වෙමින් සහ ගෘහස්ථ හින්සනය ඉහළ මට්ටමකට පැමිණෙමින් තිබෙන බව පෙන්වාදුන්නාය. එය වැළැක්වීම සඳහා මානසික සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් පුළුල් මැදිහත් වීමක් රජයෙන් සිදු කළ යුතු බව මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
මේ වනවිට රට තුළ පවතින අර්බුද පිළිබඳව නිවැරදිව තේරුම් ගනිමින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සහ එවැනි විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳවද ආණ්ඩුවේ විශාල මැදිහත් වීමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය. මේ වනවිට රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙන අතර හෙදියන් විදේශගත වීම කෙරෙහි එවැනි අවධානයක් යොමු වී නැති බවත් පෙන්වා දෙනු ලැබීය. උපකරණ සහ ඖෂධ හිඟය උග්‍ර මට්ටමින් පවතින බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.










