පසුගිය ආණ්ඩු විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති 09ක් වෙනුවෙන් වැය කර තිබෙන රුපියල් කෝටි 20,316ක මුදලක් මුළුමනින්ම විනාශ කර ඇති බව විගණකාධිපති නිකුත් කර තිබෙන 2022 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
පසුගිය 2022 වසරේ දෙසැම්බර් 31 වෙනි දින වනවිට එම ව්‍යාපෘති වෙනුවෙන් මෙම මුදල වැය කර ඇති අතර 2023 වර්ෂය ආරම්භයත් සමගම අදාල ව්‍යාපෘති මුළුමනින්ම නවතා දැමීමට ආණ්ඩුව ක්‍රියා කර ඇත. මේ අතර ඇතැම් ව්‍යාපෘතිවලට වියදම් කළ මුදල සමග සන්සන්දනය කරන විට ඉදිකිරීම් කළ යුතු මට්ටම දක්වා කිසිසේත්ම ලඟා නොවූ තත්වයන්ද පවතින බව එම වාර්තාවෙන් පැහැදිලි කර ඇත.
අදාළ ව්‍යාපෘති අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙන්නේ ගිං ගඟ ව්‍යාපෘතිය, කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය, මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති 09ක්ය. එම ව්‍යාපෘති නවතාදමන අවස්ථාව වනවිට වැය කර තිබුණු රුපියල් කෝටි 20,316ක මුදලට විදේශීය ණය ගැනීම්ද දේශීය ණය යෙදවීම්ද විශාල වශයෙන් තිබී ඇත.










